ගැයේ වා ලක් මව් ගෙ නාමෙ ට සියක් පබැඳී සෙත් කවී

රටේ සිව් කොන දැවුණු ගින්දර - හිතේ ඇත තව නැත නිවී
කදෝකිමි එළියටත් ඇහිපිය සැළී සියොළඟ යයි දැවී
බිඳී ඉහිරුණු සිත් සතන් යළි  - බැඳී දෙරණතට ම   නැවී
ගැයේ වා ලක් මව් ගෙ නාමෙ ට සියක් පබැඳී  සෙත් කවී


අපේ "නෑ පරපුරක්" එකවර - සුසානෙක නිහඬ ව නිදී
ගලා ගිය උණු  කඳුළු කැට මහ වැව් පිරෙන්නත් නැහැ මදී
බුදුන්, දෙවියන් සැබෑ නම් ලොව - තිබේ සරණක් නොවැරදී
මැකී යයි රුදු සපුන් සහ මැති  සබේ මිසදිටු බල බිඳී 


















© Kalani Ruwanpathirana

-2019.05.17



Related Posts with Thumbnails

About this blog

I am Kalani Ruwanpathirana, from Sri Lanka. This blog is reserved for Sinhala poems written by me

.....