Showing posts with label moon. Show all posts
Showing posts with label moon. Show all posts

නිදයි පොඩි පුතු මගේ

 සුමුදු යහනට සුසුදු සඳ දිය 
                                        ගලා එයි රැය දිගේ

සුනිල තරු කැට වසා නෙත් යට 
                                            නිදයි පොඩි පුතු මගේ

සිනිඳු කෙහෙරැලි ගැටී සුළඟට 
                                            කරයි මුව මත දඟේ

නිදන පුතු දෙස බලා හිඳුමද 
                                                භාවනාවක් වගේ


වලාකුලෙන් වැටෙන, සඳේ කිරණක් ගෙන අතේ         තබමි

ඒ එළියෙන් හිනා බිංදු උපදින හැටි බලා                 හිඳිමි

පැහැයක් නැති බිළිඳු සිතේ ඇඳි සිහිනය සිතින්         දකිමි

ඒ සිහිනේ කොනෙක මමත් නිවෙමි, නිවීලා          සැනසෙමි

 


 

 

 

 

 

 

 

 

 

© Kalani Ruwanpathirana
 

-2021.09.17

සරා සඳ | Weak Moon



සැඳෑ හිරු මියෙන සඳ

උදා වනු කිමද සඳ
උදා හිරු නැගෙන සඳ
පලා යනු කිමද සඳ


නිදන සඳ මහී ලඳ
උදා වන සරා සඳ
පොකුරු තරු පිපෙන සඳ
සිනාසෙයි රුසිරු විඳ


සැලෙන මල් කැකුළු කොඳ
රැහැයි නද වූ නො මද
නිවී දිදුලන තරු ද
දුබල යැයි කියයි සඳ


නමුදු ඝණඳුර නො මද
කැළුම් දී මදින් මද
නසන සඳ වී සු හද
නුඹම වේ මගේ සඳ

© Kalani Ruwanpathirana
--1998

Related Posts with Thumbnails

About this blog

I am Kalani Ruwanpathirana, from Sri Lanka. This blog is reserved for Sinhala poems written by me

.....