නිදයි පොඩි පුතු මගේ

 සුමුදු යහනට සුසුදු සඳ දිය 
                                        ගලා එයි රැය දිගේ

සුනිල තරු කැට වසා නෙත් යට 
                                            නිදයි පොඩි පුතු මගේ

සිනිඳු කෙහෙරැලි ගැටී සුළඟට 
                                            කරයි මුව මත දඟේ

නිදන පුතු දෙස බලා හිඳුමද 
                                                භාවනාවක් වගේ


වලාකුලෙන් වැටෙන, සඳේ කිරණක් ගෙන අතේ         තබමි

ඒ එළියෙන් හිනා බිංදු උපදින හැටි බලා                 හිඳිමි

පැහැයක් නැති බිළිඳු සිතේ ඇඳි සිහිනය සිතින්         දකිමි

ඒ සිහිනේ කොනෙක මමත් නිවෙමි, නිවීලා          සැනසෙමි

 


 

 

 

 

 

 

 

 

 

© Kalani Ruwanpathirana
 

-2021.09.17

යළි නොහැරෙන්ට යා යුතු ගමනකි "නිවන"

 මේ ජීවිතය දැල්වෙන මැටි පහනක්                ය
තෙල් ඇති තුරා ඇවිලෙන එක තිරයක්           ය
පින් මදි වෙද්දි එන මරණය සුළඟක්              ය
පව් පළ දෙන්න යන්නේ එක ක්ෂණයක්           ය

සසරේ නවාතැන් නම් සිය දහක්                    ඇත
ටික කාලෙකට හමු වෙන සගයිනුත්              වෙත

එනමුත් ගමන යන්නේ තනිවමයි                    පුත
"මම" යැයි "මගේ" යැයි මට කිසි දෙයක්       නැත

නිවි නිවි යළිත් දැල්වෙන ජීවිත                    පහන
වැටි වැටි යන්ට දඟලන සසරේ                   ගමන
අර ගෙන යන්න ඇත්තේ කළ පින               පමණ
යළි නොහැරෙන්ට යා යුතු ගමනකි            "නිවන"

 

© Kalani Ruwanpathirana

 
-2019.10.14

Related Posts with Thumbnails

About this blog

I am Kalani Ruwanpathirana, from Sri Lanka. This blog is reserved for Sinhala poems written by me

.....