වසන්තයේ ලා හිරු රැස් කැපූ ගොයම් සිඹිනවා ද
එදා වගෙම පුංචි එවුන් ඉපනැල්ලේ දුවනවා ද
දෙවැට දිගේ රතු පාටට එරබදු මල් පිපෙනවා ද
කොහෝ උඹත් මං නැතිවට තවම සිංදු කියනවා ද
අත්තම්මා අවුරුද්දට පන් පැදුරක් වියනවා ද
ඒ පැදුරේ රවුමෙ ඉඳන් පංචි, ඔළිඳ කෙලිනවා ද
පැරදුනා ම පොඩි මල්ලී තවම රණ්ඩු කරනවා ද
මේ පාරත් මං නැතිවට අපේ පිළ ම දිනයි නේද
පහළ වෙලේ උදේ හවස වාරම් කවි ඇහෙනවා ද
කවි තාලෙට පොඩි නංගී ඔන්චිල්ලා පදිනවා ද
ලොකු නැන්දා මුං අතිරස කැවුම් කොකිස් බදිනවා ද
මං නැතිවට අපේ ගමට අවුරුදු හරි ජයයි නේද
Showing posts with label nature. Show all posts
Showing posts with label nature. Show all posts
මං නැති අවුරුදු | Lonely Newyear
© Kalani Ruwanpathirana
--April 2010
ලොවක අරුම | World
ගිනි ගත් නුවර | Burning City
ගිනි ගත් නුවර කොනේ
සිර වූ කිරිල්ලියේ
විදා පියාපත් - ඉතින් පියාඹන්
දළු ලන තුරු අතරේ
මියුරු සත්සර නගයි තුරුසිර
නොමැත පද වැල් කම් නැතී
නොයෙක ගහ කොළ සලයි සිහිලස
නැතිඳු චාමර කම් නැතී
ගිනි ගත්.....
පියුම් පිස ගෙන හමයි මද නල
නැතිඳු විලවුන් කම් නැතී
සුවඳ දී නිති පිපෙයි කඩුපුල්
මිලින වෙයි හෙට කම් නැතී
P.S. This was written when I was in school. It was composed and sung by Ms. Ramya Lalani , a music teacher at Sujatha Vidyalaya, Matara. This song was broadcast on "Ruhunu Sevaya" (a regional service of SLBC).
Labels: nature , song , sujatha vidyalaya
