දැන් මට නැහැ ඉඩ

 

හිරි පොද වැස්සට තෙමෙන මලක හැඩ 
බලන්න ඉස්සර වගෙ මට නැහැ ඉඩ 
පොඩි පුතු හිනැහෙන විට මගෙ හිත උඩ 
මල් මොකටද මට හිතෙනව විඩ විඩ 

වැස්සට ඉහිරෙන අඹ මල් මැද්දේ 
පිල ළඟ අඹ ගහ තාලෙට පැද්දේ 
බට්ටිච්චෝ උඹ නැතුවට සද්දේ 
අඩුවක් නැහැ අපෙ ගේ හරි සද්දේ 

ඇහැරෙන ලා හිරු රන් වන් පාටයි 
ඉගිලෙන විට කොක් තටු සුදු පාටයි 
හබරණ ආතගෙ කට රතු පාටයි 
කියවන විට පුතු හරි දඟ පාටයි  

බින්කුන්ඩෝ උඹ ටිකකට හිටපන් 
අපට පෙනෙන්නට වටයක් නටපන් 
කුහූ කියා කොවුලෝ ගී කියපන් 
මදිනම් තව මල් වැස්සක් වැහැපන් 

කොඳ මල මුදුනේ මී මැසි සාදෙට 
රොන් කෙමියේ පැණි පිරෙන කලාවට 
මගෙ හිත පුරවන ටිකිරි හිනාවට 
පණ දෙමි මම දිවි තියෙන තුරාවට


© Kalani Ruwanpathirana

-2014.11.07

7 comments:

Unknown November 29, 2015 at 3:41 AM  

Hungak lassanai, hakinam paasal guruthumiya ganath lassana nisadasak ho kavipanthiyak danna

Unknown January 19, 2016 at 7:09 AM  

සති සක් නිරේ වද දෙන ගත සිතට වඩා
උරු මක් කාරයෙක් වී දිවි මගක චිඩා
චද නක් නොදෙන මුත් සබයට රටට හඩා
වෙනසක් දැනේ මට දැන් මගෙ පෙරට වඩා

Unknown January 19, 2016 at 7:11 AM  

ඒක සිය හයක් ගංගා රට හතර වටේ
සැන සිය පොලොව වැහිබිදු නිසි කලට වැටේ
නොනැසිය යුතුය තුලනයඅරි මගෙහි අටේ
විලි බිය නැති ඒවුන් කෙලෙසති මැණික් කැටේ

වන සමු රටක් කතිරය ගහලා අහක
ඒක් වෙමු නැතොත් හිමිතැනලැබ ගනු නොහැක
නැගි ටිමු යලිත් මව්බිම මරණය මිසක
නොන මමු දනිස් හොරෙකුට දූෂිත කුහක

SAUMYA ALOYSIUS March 23, 2017 at 9:16 AM  

Well, I was impressed by the words used. Moving poem with a deeper meaning. Love to read yours.

Unknown July 12, 2017 at 7:05 AM  

Nice....grate poems....

Sumudu Amarasekara September 3, 2017 at 9:04 PM  

ලස්සනයි

kalani Ruwanpathirana January 5, 2018 at 6:41 PM  

Thank you all for the encouraging comments :)

Post a Comment

Related Posts with Thumbnails

About this blog

I am Kalani Ruwanpathirana, from Sri Lanka. This blog is reserved for Sinhala poems written by me

.....