සන්නස | Message

මේඝ වළාවෙනි ගුවන් තටාකේ මාරුතයක දැවටී
පියා විදා රණ හසුන් කැලක් සේ
එන්න තවත් නොරැඳී
මා සිත් කව ඈ වෙත ගෙන යන්නට
එන්න තවත් නොරැඳී

තනි තරුවකි ඈ හා දොඩමළු වන
කළුවර රෑ අහසේ
ඈට හිතැති මට හිත නැති තරුවට
මේ දුක කියමි කෙසේ...

තුඩගින් ඈ වෙත මුවරද ගෙන යති
බඹරුන් හොර රහසේ
මලින් මලට පියඹන බඹරෙකු හට
මේ කව කියමි කෙසේ...

© Kalani Ruwanpathirana
-2007

5 comments:

තිළිණ මධුශංඛ July 3, 2010 at 7:14 AM  

අහම්බෙන් මේ බ්ලොගයට ගොඩ වුනේ. කියල වැඩක් නෑ. නියමයි. සිංදු එහෙම ලියනව නේද?. උදව්වක් දෙන්නම්. :)

Anonymous September 1, 2010 at 5:05 PM  

බොහෝම ස්තුතියි තිළිණ :) Any help is appreciated..

Geethmaa Madanayake July 26, 2015 at 11:03 PM  

harima lassanai, man gena liyala wage, matama liyala wage kiyala hithuna. suba pathanawa, thawa liyanna.

Unknown March 21, 2017 at 10:40 AM  

තිරි බිඟුන් පියඹ යති
නගයි සුපුරුදු ගුමු ගුමුව
රතු රෝස මල් කැකුළු
විදයි සියපත් යුහු යුහුව
ඇති නමුදු මකරන්ද
නොවෙයි ඒ සියපත්
විදත් සුදු මුදු සුවඳ
එසම කල හැකි වෙද

වෙහෙසින් සලිත වන
පියාපත් බර වැඩිය
එහෙත් නෙත් සැරිසරයි
පියුම දක්නට රිසිව
පියුම් නැති මානයේ
පිපි අහඹු මදාරා
නුඹ කුමක් කරන්නෙද
කටු රෝස කැකුළු මැද

සුර ලඳුන් හා සදිසි
රුව කෙසේ පවසම්ද
දැනුනු ඒ දිව සුවඳ
වසඟවයි කෝඩු සිත
සිතුන මුත් නවතින්න
සුපිපි මල් කැකුල ලඟ
පරසතු මදාරා
උරුම වෙද විය බිඟුට

kalani Ruwanpathirana January 5, 2018 at 6:45 PM  

bohoma sthuthiyi geethma.
Asela, harima lassani nisanadasa.

Post a Comment

Related Posts with Thumbnails

About this blog

I am Kalani Ruwanpathirana, from Sri Lanka. This blog is reserved for Sinhala poems written by me

.....