මලට හිමි නැති මගේ විල නුඹ | Faith of Love

මලක් සේ ඔබ මා රකින්නට විසල් තුරු විමනේ
කෙම් බිමක් නැති වාලුකාවක තනිව දිවි ගමනේ
නිලෙන් සුදිලෙන විසල් විල් මැද මෙ මල නැත පිපුනේ
මලක් වී මා සදා ඉන්නම් නුඹේ සිත් අරණේ

විලක් නැති කල මලක් නොමියෙද කරයි හිරු සරදම්
මලක් වෙනුවෙන් විලක් වන්නට බිඟු ට නැත ඉවසුම්
විලෙක පිපි හැම පියුම් උඩඟු ව කියයි බස් සැනසුම්
මගේ විල් තෙර මගෙම පමණයි සදා මට නැති නිම්

මගේ විල් තෙර සදා නොසිඳෙයි හිරු ට පවසමි මම්
මලක් වෙමි මම නොමැති මුවරද බිඟු ට පවසමි මම්
නුඹයි දියවර නොනිමි පියුමින් ඇඳී නැති සිතුවම්
මලට හිමි නැති මගේ විල නුඹ සදා මට මනරම්

© Kalani Ruwanpathirana
-2007

3 comments:

Prabath Madusanka March 29, 2013 at 5:02 AM  

nice poems....keep writing

කඩදාසියෙන් සයිබර් අවකාශයට December 22, 2015 at 10:59 PM  

හරිම ලස්සන කවි ටිකක. නවත්තන්නෙ නැතුව දිගටම ලියන්න

kalani Ruwanpathirana January 5, 2018 at 6:46 PM  

Thank you prabath and Indeewari.

Post a Comment

Related Posts with Thumbnails

About this blog

I am Kalani Ruwanpathirana, from Sri Lanka. This blog is reserved for Sinhala poems written by me

.....